ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ජාතික රෝහල් කාර්ය මණ්ඩලයට
පුහුණු වැඩසටහනක්

මැයි 11, 2023

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ, න්‍යෂ්ටික සහ පුපුරණ ද්‍රව්‍ය (CBRNE) පක්ෂාංගය  විසින් බදාදා (මැයි 10) දින කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂවරයාගේ ඉල්ලීමකට අනුව රෝහල්  කාර්ය මණ්ඩලය සඳහා පුහුණු වැඩසටහනක් පැවැත්වූ බව ගුවන් හමුදා මාධ්‍ය ආරංචි මාර්ග පවසයි.

මෙම පුහුණු අභ්‍යාසයේ මූලික අරමුණ වූයේ හදිසි රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලී, න්‍යෂ්ටික සහ පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාර වැනි ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණ දීමට රෝහල් කාර්ය මණ්ඩලය සූදානම් කිරීම සහ ක්ෂණික ප්‍රතිකාර ලබා දෙමින් කෙටි කාලයක්  තුළ රෝගීන් ගුවනින් හෝ ගොඩබිමෙන් ආරක්‍ෂිතව ප්‍රවාහනය කිරීම බව එහි සදහන් විය.

හදිසි අවස්ථාවන හැසිරවීමට සහ අවස්ථානුකලව හා ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමට හොඳින් සූදානම් වීම සහතික කර ගැනීමට මෙම අභ්‍යාසය වෘත්තීයමය ප්‍රවේශයකින් සිදු කරන ලද බවද එහි සදහන් වේ.