චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි

මැයි 07, 2019

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක, ජේෂ්ඨ කර්නල් සූ ජියෑන්වී (Senior Colonel Xu Jianwei) මහතා සඳුදා (මැයි 06) දින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස් එච් එස් කොට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

මෙම හමුවේ දී ආරක්ෂක ලේකම්තුමන් සහ චීන ආරක්ෂක උපදේශකතුමන් අතර සුහද සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම අවස්ථාව සිහිවීම වස් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.