නාවික හමුදා සහන කණ්ඩායම් ගංවතුර අවදානමට මුහුණදීමට සූදානම්

මැයි 15, 2023

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ගංවතුර අවදානම් ප්‍රදේශවලට සහන කණ්ඩායම් යෙදවීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (14)කටයුතු කරන ලදී. පවතින අයහපත් කාලගුණය හමුවේ අවශ්‍ය විටෙක යෙදවීමට අමතර සහන කණ්ඩායම් සූදානම්ව සිටින බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.