ඉන්දීය නාවික නෞකාවක් ත්‍රිකුණාමලයට

මැයි 17, 2023

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘Batti Malv’ නෞකාව අඟහරුවාදා (මැයි 16) ත්‍රිකුණාමලය වරායට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාධ්‍යවලට අනුව, නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම නෞකාව පිළිගන්නා ලදී.

101 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් රැගත් මීටර් 46ක් දිග INS ‘Batti Malv’ නෞකාව වෙත ලුතිනන් කමාන්ඩර් MAN Singh M Mane විසින්  අණදීම සිදු කරණු ලබයි . නෞකාවේ කාර්ය මණ්ඩලය ත්‍රිකුණාමලයේ පිහිටි විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ප්‍රති නැව් පැහැර ගැනීමේ මෙහෙයුම් පිළිබද (VBSS) පුහුණු අභ්‍යාසයක නිරත වූ බවද  එහි සඳහන් වේ.

‘Batti Malv’ නෞකාව  බදාදා (මැයි 17) දිවයිනෙන් පිටත්ව යාමට පෙර ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදේදී  ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකාවක් සමඟ PASSEX අභ්‍යාසයක නිරත වීමට අපේක්‍ෂා කෙරේ.