ජාතික රණවිරු සැමරුම වෙනුවෙන් දේශප්‍රේමී චිත්‍ර ශිල්පියෙකු විසින්
අඳින ලද ඒකල චිත්‍ර

මැයි 22, 2023

දැනට ඉතාලියේ නේපල්ස් නුවර රැකියාවක නියුතු සෙනෙවිරත්න දසනායක කලාකරුවා රණවිරුවන්ට උපහාරයක් වශයෙන් චිත්‍ර ප්‍රදර්ශනයක් මැයි 21 වැනි දින ඉතාලියේ නේපල්ස් නුවර ශාන්ත අන්තෝනි ජාත්‍යන්තර පාසලේදී පවත්වන ලදි.

තිස් වසරක කුරිරු යුද්ධයේදී දිවි පිදූ රණවිරුවන් සහ හමුදාපතිවරුන් ඇතුළු චිත්‍ර අසූවකට අධික ප්‍රමාණයක් මෙහිදී ප්‍රදර්ශනය කර ඇත.

අවසන් සටනේදී සිදුවූ විශේෂ සිදුවීම්, කැපකිරීම් මෙන්ම අප මාතෘ භූමියේ විවිධ ආපදා තත්ත්වයන්වලදී මහජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් නිලධාරීන්ගේ දායකත්වය ද ඔහු සිතුවමට නගා ඇත.