යුද්ධ හමුදාව පරිහරණය කළ ඉඩම් මුලතිව් සිවිල් වැසියන්ට

මැයි 23, 2023

මුලතිව් දිස්ත්‍රික්කයේ යුධ මෙහෙයුම් සහ ආරක්‍ෂක අවශ්‍යතා සඳහා යුද හමුදාව විසින් භාවිතා කරන ලද ඉඩම් කට්ටි 8ක් සිවිල් වැසියන් වෙත ඉඩම් නිදහස් කිරීමේ ප්‍රතිපත්තියට අනුකූලව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පසුගියදා නිදහස් කරන ලදි.

යුද හමුදාව විසින් පරිහරණය කරණ ලද තේවිපුරම්, ආනන්දපුරම්, මාලිගාතිව්, සුදන්තිපුරම්, උඩයාර් කට්ටු (දකුණ), චලෙයි සහ වෙල්ලමුල්ලිවයික්කාල් යන ප්‍රදේශවල අක්කර 70.05 ක පමණ භූමි ප්‍රමාණයක් මෙසේ නිදහස් කල බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

පුදුක්කුඩිරිප්පු හි පිහිටි 68 පාබල සේනාංකයෙහි දී මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් වන නිලධාරී, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්,රාජ්‍ය නිලධාරීන් සහ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූ රැස්වීමකදී අදාල ඉඩම්වල ලිපි ලේඛන 68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි විසින් සිවිල් බලධාරීන් වෙත භාරදීම සිදුකරන ලදි.