රණවිරුවෙකු සදහා නව නිවසක්

මැයි 23, 2023

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) විසින් සමීපතම මිතුරකුගෙන් සිදුකරන ලද විශේෂ ඉල්ලීමකට අනුව රණවිරු නාමයට ජාතියේ කෘතගුණ දැක්වීමක් වශයෙන් කොළඹ 07 හි පදිංචි හේමාල් මුණසිංහ සහ සරෝජනී මුණසිංහ යන මහත්ම මහත්මීන් විසින් රුපියල් ලක්ෂ 15ක තම පුද්ගලික ධන පරිත්‍යාගයෙන් නිවසක් නොමැති යුද්ධයේදී තුවාල ලබා සිටින රණවිරුවෙක් වෙත සෙවණක් ලබාදෙන්නට අනුග්‍රාහකත්වය දක්වන ලදී.

යුධ හමුදාවේ සේවයේ යෙදී සිටියදී 2000.09.03 වන දින අරියාල ප්‍රදේශයේදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව වම්පාදය දණහිසට ඉහළින් ඉවත් කර ඇති එච්.එම්.තිලකරත්න බංඩාර රණවිරුවා වෙත මෙම නිවස ප්‍රධානය කරන ලදි.