විදේශ කටයුතු අමාත්‍යතුමන්ගෙන් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන්
රණවිරු කොඩියට දායකත්වයක්

මැයි 25, 2023

රණවිරු සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක අරමුදල් සම්පාදනය කිරීමේ වැඩසටහනෙහි රණවිරු කොඩි අලෙවියෙහි තවත් එක් අවස්ථාවක් ලෙස විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්රි මහතා වෙත හා විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය වෙත රණවිරු කොඩිය පිළිගැන්වීම අද දිනයේ සිදුකරන ලදි.

විදෙස් රාජ්‍යයන් 60ක ව්‍යාප්තව තිබෙන ශ්‍රී ලංකා දූත මෙහෙවර කාර්යාලයන් ඔස්සේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ දායකත්ව අරමුදල් සම්පාදනය කර ගැනීම සඳහා වන ඉදිරි කටයුතු සිදුකිරීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ද අමාත්‍යතුමන් මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) ඇතුළු කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් මෙම රණවිරු කොඩිය පැළැදවීම සිදුකරන ලදි.