යුද හමුදාව විසින් පොළොන්නරුවේ ඩෙංගු මර්දන වැඩසටහනක්

මැයි 29, 2023

පූනානි ප්‍රදේශයේ පිහිටි 23 වන පාබල සේනාංකයට අයත් ශ්‍රී ලංකා යුද හමුදාවේ 234 වන පාබල බලසේනාවේ භඨ පිරිස් විසින් පොළොන්නරුව සහ තදාසන්න ප්‍රදේශවල ඩෙංගු මර්දන වැඩසටහනක් පසුගියදා පවත්වන ලදි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු බළකායේ සහ 12 වන ගැමුණු හේවා බලකායේ භඨ පිරිස් මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කළ බව යුද හමුදා මාධ්‍ය වාර්තා කළේය.

පොළොන්නරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්, පොළොන්නරුව පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශයේ ප්‍රජාව ද මෙම වැඩසටහනට එක් විය.