රණවිරු කොඩිය සඳහා වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යවරයා සහ වරාය අධිකාරියේ සභාපති දායකත්වය දක්වයි

මැයි 29, 2023

රණවිරු සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක අරමුදල් සම්පාදනය කිරීමේ ක්‍රියාදාමයෙහි රණවිරු කොඩි අලෙවියෙහි එක් අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකා වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය ගරු. නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ද බර්නාඩ් මහතා වෙත රණවිරු කොඩිය පිළිගැන්වීම අද දින (29) සිදුකරන ලදි.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) ඇතුළු කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන‍් මෙම රණවිරු කොඩිය පැළැදවීම සිදුකරන ලදි.