යුද්ධ හමුදාව භාවිත කළ මුලතිව් ප්‍රදේශයේ තවත් ඉඩම් නිදහස් කෙරේ

මැයි 31, 2023

ආරක්‍ෂක අංශ විසින් භාවිත කරන ලද ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ පැවති ඉඩම් අක්කර 8.178 ක ඉඩම් කට්ටි දෙකක් ඉඩම් නිදහස් කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුව ඉකුත් සිකුරාදා (මැයි 19) නිදහස් කරන ලදී.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එඑස්පී එන්ඩීයූ ගේ උපදෙස් පරිදි, ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ අධීක්‍ෂණය යටතේ ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 පාබල බලසේනා බලප්‍රදේශයේ තිබු එම ඉඩම් හඳුනා ගැනීමට පියවර ගන්නා ලදී

මුලතිව් කරුවලකන්දල් සහ පාලම්පායි ප්‍රදේශවල පිහිටා ඇති අක්කර 8.178 කින් සමත්විත එම ඉඩම් තුළ මීට පෙර 14 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 17 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ කණ්ඩායම් දෙකක් රාජකාරීන් සඳහා යොදවා තිබු අතර, පරිපාලන කටයුතු සඳහා එම ඒකක දෙක මේවන විට අදාළ බලඇණි මූලස්ථාන සමඟ ඒකාබද්ධ කර ඇත.

රණවිරු අනුස්මරණ දිනයේදී (මැයි 19) එම ස්ථානයේ පැවති සාකච්ඡාවකදී අදාළ බලඇණි දෙකෙහිම අණදෙන නිළධාරීන් විසින් එම ඉඩම් කට්ටි දෙකට අදාළ ලිපි ලේඛන මුලතිව් හි පිහිටි අඩවි වන කාර්යාලය වෙත භාර දෙන ලදී

අනුග්‍රහය - www.army.lk