ප්‍රත්‍යන්ත අවදානම් ඇගයීම් මධ්‍යස්ථාන නිලධාරීන් කණ්ඩායමක්
කැනඩාවේ පැවැත්වෙන පුහුණු වැඩසටහනකට

ජුනි 02, 2023

නුදුරේදී කැනඩාවේ පැවැත්වෙන පුහුණුකරුවන්ගේ පුහුණු වැඩසටහනකට (Training of Trainers) සහභාගීවීමට නියමිත ප්‍රත්‍යන්ත අවදානම් ඇගයීම් මධ්‍යස්ථාන නිලධාරීන් කණ්ඩායමක් ඊයේ ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් කුලතුංග හමුවිය.

ජුනි 05 සිට 16 දක්වා පැවැත්වීමට නියමිත මෙම වැඩසටහනට සහභාගී වන  නිලධාරීන් හය දෙනෙකු රටින් පිටත්ව යාමට පෙර පැවති රැස්වීමකදී ජාතික බුද්ධි ප්‍රධානී වෙතින් උපදෙස් ලබා ගත්හ.

අනාගත පුහුණු පහසුකම් සපයන්නන්ගේ වර්ධනයට පහසුකම් සැලසීම සඳහා මෙම වැඩසටහන සැලසුම් කර ඇත.

සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය සහ කැනඩා දේශසීමා සේවා නියෝජිතායතනය අතර සහයෝගීතාවයක් හරහා මෙම වැඩසටහන ලබාදෙනු ලැබීය.