ත්‍රිවිධ හමුදා සේවා සාමාජිකයින් හට වෘත්තීය පරිසාධක මට්ටම්
සහතික පත්‍ර ප්‍රධානෝත්සවයක්

ජුනි 06, 2023

ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ත්‍රිවිධ හමුදා මුලස්ථාන ඉදිකිරිම් ව්‍යාපෘතියේ රාජකාරි කරනු ලබන ත්‍රිවිධ හමුදා වෘත්තීය සාමාජිකයින් 519 ක් වෙත වෘත්තීය පරිසාධක මට්ටම් 3 සහ 4 (NVQ Level 3 and 4) සහතික පත්‍ර ප්‍රධානෝත්සවය ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගිය මැයි 30 වන දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වන ලදි.

ත්‍රිවිධ හමුදා මුලස්ථාන ව්‍යාපෘතියේදි සිදුකරන ලද ඇගයීම් කටයුතු වලින් අනතුරුව, නියමිත පරිසාධක මට්ටම ලඟා කරගත් වෘත්තීය සාමාජිකයින් සඳහා ආරක්‍ෂක ලේකම්ගේ අනුමැතිය මත ත්‍රිවිධ හමුදා මුලස්ථාන ඉදිකිරිම් ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂ එයාර් වයිස් මාර්ෂල් ආර් ජේ පතිරගේ ගේ පුර්ණ අධීක්‍ෂණය යටතේ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරිම් අධිකාරිය සමඟ සම්බන්ධීකරණයෙන් මෙම උත්සවය පවත්වන ලදි.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරිමේ අධිකාරියේ උප සභාපති සහ ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහභාගී විය.