යුද්ධයේදී ආබාධිත වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ මියගිය රණවිරු යැපෙන්නන් වෙත
සංශෝධිත සලාක දිමනා හිමිගැන්වීම සබැඳිවයි

ජුනි 06, 2023

ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්ව දැනට වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගොස් සිටින අයවළුන් සහ යුද්ධයේදී මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන් වෙත සංශෝධිත සලාක දිමනා හිමිගැන්වීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුකර ගෙන යන අතර, අදාල දීමනාව නුදුරේදීම ලබාදීමට කටයුතු සම්පාදනය කරමින් පවතී.

එබැවින් ජනතාව මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර නොගන්නා ලෙස ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න වැඩිදුරටත් ඉල්ලා සිටි.