ප්‍රචණ්ඩ අන්තවාදය වැළැක්වීම සහ මැඩපැවැත්වීම පිළිබඳ
දකුණු ආසියානු ජාලයේ පාර්ශවකරුවන් සඳහා වැඩමුළුව

ජුනි 12, 2023

ප්‍රචණ්ඩ අන්තවාදය වැළැක්වීම සහ මැඩපැවැත්වීම පිළිබඳ දකුණු ආසියානු ජාලයේ පාර්ශවකරුවන් සඳහා ප්‍රචණ්ඩ අන්තවාදය වැළැක්වීම සහ මැඩපැවැත්වීම පිළිබඳ වැඩමුළුවක් පසුගියදා ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙම වැඩමුළුව ප්‍රධාන වශයෙන් තේමාත්මක ක්‍රියාකාරී කණ්ඩායම් (TWG) සාමාජිකයින් දැනුවත් කිරීම, රට තුළ රැඩිකල්කරණය, ප්‍රචණ්ඩකාරී අන්තවාදය සහ ත්‍රස්තවාදය වැළැක්වීම සහ මැඩලීම සඳහා ජාතික උපාය මාර්ගයක් සැකසීම වෙනුවෙන් මාර්ගය සකස් කිරීම සඳහා පවත්වන ලදි.

මහාචාර්ය රෂීන් බාප්පු (මානව විද්‍යා සහ දත්ත විශ්ලේෂණය පිළිබඳ මහාචාර්ය), ලුතිනන් කර්නල් ආර් ටී අන්සාර්, HELVETAS ස්විස් අන්තර් සහයෝගීතාවයේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්‍ෂ සුභාෂි දිසානායක සහ හසන්ති කහඳවල යන මහත්ම මහත්මීන් විසින් මෙම වැඩමුළුව මෙහෙයවන ලදි.

මුදල් හා ආර්ථික, විදේශ කටයුතු, තාක්‍ෂණ, අධ්‍යාපන, මහජන ආරක්‍ෂාව, ජනමාධ්‍ය යනාදී අමාත්‍යාංශ, නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් සහභාගිවන්නන් 60ක් පමණ මෙම වැඩමුළුවට සහභාගි වූහ.   

සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයකින් එක්දින වැඩමුළුව සාර්ථකව අවසන් විය

ප්‍රචණ්ඩ අන්තවාදය සහ ත්‍රස්තවාදය පුද්ගලයන්ගේ මානව හිමිකම් සහ මූලික නිදහස උල්ලංඝනය කරයි. 2019 වසරේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව, ප්‍රචණ්ඩ අන්තවාදය වැළැක්වීමේ වැදගත්කම ජාතික ආරක්‍ෂක සංසදවල ඉහළම මට්ටමින් සාකච්ඡා කරන ලදි. මත් ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC)සමඟ එක්ව  ශ්‍රී ලංකාව 2018 වසරේ සිට ප්‍රචණ්ඩ අන්තවාදය වැළැක්වීම සහ මැඩපැවැත්වීම පිළිබඳ දකුණු ආසියානු ජාලය ක්‍රියාත්මක කර ඇත. දැනට මෙම ජාලයේ සාමාජික රටවල් වන්නේ බංග්ලාදේශය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාවයි.