10 වන Damso ජාත්‍යන්තර චෙස් ශූරතාවය යුධ හමුදා ක්‍රීඩකයින්ට

ජුනි 12, 2023

ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ 10 වන Damso ජාත්‍යන්තර චෙස් ශූරතාවලියේදී, ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම පසුගියදා රජයේ සහ වෙළඳ සේවා කණ්ඩායම් කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට සමත් විය

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය චෙස් සංගමය විසින් සංවිධානය කරන ලද දින හයක ශූරතාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය හික්කඩුව ලවංගා හෝටල් පරිශ්‍රයේදී  පැවැත්වූ  බව ශ්‍රී ලංකා යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

මැයි 27 සිට 30 දක්වා පැවති මෙම ශූරතාවලියේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවේ ‘බී’ සහ ශ්‍රී ලංකා නාවික හමුදා ‘ඒ කණ්ඩායම් පිළිවෙලින් පළමු සහ දෙවන අනුශූරතාව දිනා ගත්හ.

මෙම ශූරතාවලිය ශ්‍රී ලංකා චෙස් සම්මේලනය, ආසියානු චෙස් සම්මේලනය සහ ලෝක චෙස් සම්මේලනය විසින් පිළිගත් තරඟාවලියක් බව යුද හමුදාව වැඩිදුරටත් පවසයි.