සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නියාමක, උපනියාමක
සංස්කරණ පාඨමාලාව ආරම්භ වෙයි

ජුනි 14, 2023

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ රාජකාරි නියතු නියාමක / උපනියාමකවරුන්ගේ රාජකාරි පිළිවෙත් හා පරිපාලන කළමණාකරන දැනුම වර්ධනය කිරීම, සියලුම පෙළපාලි හා සම්මාන මුර පිළිබඳ දැනුවත් කිරීම සහ ධනාත්මක ආකල්ප සංවර්ධනය කිරීම උදෙසා පැවැත්වීමට යෝජිත සංස්කරණ පාඨමාලාව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරාල් රන්ජන් ලමාහේවාගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල්, අධ්‍යක්‍ෂ පුහුණු සහ සේරුපිට පුහුණු පාසලේ අණදෙන නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2023 ජුනි මස 12 වන දින සේරුපිට සෞන්දර්ය පුහුණු පාසලේදි ආරම්භ කරන ලදි.

මීට සමගාමීව නියාමක / උපනියාමකවරුන් 647 දෙනෙකු පහලලන්ද, කල්පිටිය, ගල්කිරියාගම යන දෙපාර්තමේන්තු පුහුණු පාසැල් හීදිද මෙම සංස්කරණ පාඨමාලාව ආරම්භ කරන ලදි.