යුද හමුදා භට පිරිස් නන්දීකඩාල්හි කඩොලාන රෝපණයක

ජුනි 16, 2023

ලෝක සාගර දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස්, රාජ්‍ය නිලධාරීන්, පරිසරවේදීන් සහ සිවිල් වැසියන් එක්ව මුලතිව් ප්‍රදේශයේ නන්දීකඩාල් කලපුවේ කඩොලාන රෝපණය කළහ.
 
මුලතිව් ආරක්‍ෂක සේනාවේ 68 වන පාබල සේනාංකයේ භට පිරිස් සහ මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ ධීවර ප්‍රජාව සහ සිවිල් වැසියන් 150 පමණ මෙම ව්‍යාපෘතිය සඳහා දායක වූ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශ කළේය.