ජාත්‍යන්තර යෝග දිනය - 2023

ජුනි 21, 2023

සෑම වසරකම ජූනි 21 වන දින ජාත්‍යන්තර යෝග දිනය ලොව පුරා සමරනු ලබයි. යෝග ශාරීරික, මානසික සහ අධ්‍යාත්මික යහපැවැත්ම සඳහා ඉවහල් වන ආකාරය දැනුවත් කිරීමට හා ජාත්‍යන්තරය තුල යෝග ප්‍රවර්ධනය කිරීමට වේදිකාවක් ලෙස මෙම දිනය යොදා ගනු ලබයි.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද කොළඹ වරායේ පැවති ජාත්‍යන්තර යෝග දින 2023 උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහභාගී විය.