නාවික හමුදාව නැගෙනහිර කලපුවේ කඩොලාන වගා කරයි

ජුනි 27, 2023

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාමාජිකයින් විසින් සඳුදා (ජුනි 26) දින ලංකාපටුන, උල්ලුක්කලෙයි කලපු ප්‍රදේශයේ කඩොලාන පැල 1000 ක් සිටුවීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි. සියලුම නාවික විධානයන් ඇතුළත් නාවික හමුදාවේ කඩොලාන සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ මෙය සිදු කරන ලදි.
 
නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බව නාවික හමුදා මාධ්‍ය ආරංචි මාර්ග පවසයි.

නාවික හමුදාවේ මෙම පරිසර සංරක්‍ෂණ වැඩසටහන මගින් සාගර පරිසර පද්ධති ආරක්‍ෂා කිරීමට උපකාරී වන කලපු සහ මෝය ආශ්‍රිතව වැඩෙන කඩොලාන වැඩි කිරීමට උපකාරී වේ. කඩොලාන, වෙරළබඩ පරිසර පද්ධතිවල වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර බොහෝ සාගර සත්ත්ව හා ශාක සඳහා වාසස්ථාන සහ අභිජනන ස්ථාන සපයයි.