මුලතිව් ප්‍රදේශයේ පවුලකට යුද හමුදාවෙන් ඉදිකළ නිවසක්

ජුලි 04, 2023

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති චාම් උත්සවයකදී මුලතිව්, වල්ලුවර්පුරම් ප්‍රදේශයේ පවුලක් සඳහා යුද හමුදාව විසින් ඉදිකරන ලද නව නිවසක් පසුගියදා ප්‍රදානය කෙරිණි.

6 වන යුද හමුදා ගැමුණු හේවා බලකායේ භට පිරිස් හි තාක්‍ෂණික කුසලතා සහ ශ්‍රම දායකත්වය මගින් නිමවූ මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන් සහ දානපතියන්ගේ දායකත්වය හිමි වූ බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

නිවාස ප්‍රතිලාභියාගේ ඥාතීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ ගම්වාසීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.