නව ගුවන් හමුදාපති ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

ජුලි 06, 2023

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අභිනවයෙන් පත් වූ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අතර රාජකාරීන් භාර ගැනීමෙන් පසු ප්‍රථම හමුව රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී අද (ජුලි 06) සිදුවිය.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය කාර්යාලය වෙත පැමිණි නව ගුවන් හමුදාපතිවරයා අමාත්‍ය තෙන්නකෝන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ඔවුන් සුහද සාකච්ඡාවක නිරත විය.     

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා එයාර් මාර්ෂල් රාජපක්‍ෂගේ ඉදිරි වැඩකටයුතු සඳහා සිය සුබ පැතුම් ද එක් කළේය.
 
මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාපති සහ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.