ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ සාමාජිකයින්
සිවිල් වැසියන් වෙනුවෙන්ප්‍රජා සත්කාර වැඩසටහනක්

ජුලි 17, 2023

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කඳවුර මගින් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා ආධාර ලබාදීමේ වැඩසටහනක් කිලිනොච්චිය කල්මඩුනගර් ප්‍රාථමික විද්‍යාලයේදී පසුගියදා සංවිධානය කර තිබු අතර, එහිදී සිවිල් වැසියන්ට අත්‍යාවශ්‍ය වියළි සලාක මල්ලක් සහ ළමුන් සඳහා පාසල් නිල ඇඳුම් බෙදාදීමක් සිදුකරන ලදි.

ගුවන් හමුදා ඉරණමඩු කඳවුරේ අණදෙන නිලධාරී ගෘප් කැප්ටන් සුලෝචන මාරප්පෙරුමගේ මගපෙන්වීම යටතේ මෙම සත් ක්‍රියාව සිදුකරන ලද අතර, ෆාම්ස් ලංකා පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ක්ලැරන්ස් මෙන්ඩිස් මහතා ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහය ලබාදුන් බව ගුවන් හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

නිලධාරීන් සහ ගුවන් භටයින් පිරිසක් ද මෙම වැඩසටහනට සහභාගී වූහ.