තුර්කි තානාපතිනිය වැඩබලන ආරක්‍ෂක ඇමති හමුවෙයි

ජුලි 21, 2023

ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති අතිගරු R. Demet Sekercioglu මැතිනිය වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අද (ජුලි 21) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී හමු විය.

තානාපතිවරියව ‍උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා ඇය සමඟ සුහද සාකච්ඡාවක නිරත විය.

අමාත්‍ය තෙන්නකෝන් සහ අතිගරු Sekercioglu මැතිණිය අතර පැවති මෙම හමුවේදී ද්විපාර්ශ්විකව වැදගත්කම, අන්‍යෝන්‍ය සහයෝගිතාවය පිළිබඳ කරුණු සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් අමාත්‍යවරයා විසින් තුර්කි තානාපතිනිය වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්ෂ ජනරාල් - මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක ද සහභාගී විය.