සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන් පදක්කම් 83ක් දිනා ගනිමින්
නව තරඟා වාර්තා 7ක් පිහිටුවයි

ජුලි 31, 2023

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 34ක් සහ රිදී පදක්කම් 27ක් ඇතුළුව පදක්කම් 83ක් දිනාගත් අතර, පසුගියදා නිමාවට පත් වූ මාස්ටර්ස් මලල ක්‍රීඩා තරඟාවලියේදී නව ක්‍රීඩා වාර්තා 7ක් පිහිටුවීමට සමත් විය. මෙම තරඟය 2023 ජූලි මස 15 සහ 16 යන දිනයන්හි දී අනුරාධපුර ක්‍රීඩාංගනයේදී පැවැත්වුණු අතර, වයස් කාණ්ඩ කිහිපයක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 48 දෙනෙක් තරඟාවලිය නියෝජනය කළහ.