යුද හමුදා සම්බන්ධීකරණයෙන් මාන්කුලම් සිසුන් වෙත
පුස්තකාල පොත් පරිත්‍යාගයක්

අගෝස්තු 08, 2023

රාජකීය විද්‍යාලයේ පරිත්‍යාගශීලීන්ගේ සහයෝගයෙන් හා ශ්‍රී ලංකා යුද හමුදාවේ සම්බන්ධීකරණයෙන් යුතුව මාන්කුලම් මහා විද්‍යාලයේ සහ ෂන්මුගරත්නම් ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් වෙත පුස්තකාල පොත් පරිත්‍යාගයක් සිදුකරන ලදි.

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන පාබල සේනාංකයේ, 573 පාබල බලසේනාවේ සිවිල් කටයුතු නිලධාරී, රාජකීය විද්‍යාලයේ විදුහල්පති, කොළඹ රාජකීය විද්‍යාලයේ EDEX හි සභාපති, රාජකීය විද්‍යාලයීය  ‘නැණපහන’ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්‍ෂ, රාජකීය විද්‍යාලයීය පුස්තකාල හා පාඨක සංගමයේ සභාපති, කොළඹ රාජකීය විද්‍යාලයේ දෙමළ සාහිත්‍ය සංගමයේ සභාපති සහ ශිෂ්‍ය සම්බන්ධීකාරක තරිඳු වික්‍රමසිංහ යන මහත්වරුන් විසින් මෙම පරිත්‍යාගය සම්බන්ධීකරණය කරන ලද  බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කළහ.

57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින්, සිසුන් සහ පරිත්‍යාගශීලීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.