එංගලන්තයේ සිටින දමිළ ශ්‍රී ලංකාකික පරිත්‍යාගශීලියකුගෙන්
රණවිරුවන් සදහා මුදල් ආධාර පිරිනැමේ

අගෝස්තු 13, 2023

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීරගේ (විශ්‍රාමික)මැදිහත් වීම මත එංගලන්තයේ ජීවත් වන ශ්‍රී ලාංකික දමිළ ව්‍යාපාරිකයකු වන සුදන් මහතා එම මහත්මිය සහ දරු දැරියන් ගේ සහභාගීත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ රණවිරුවන් සඳහා පසුගියදා පැවැත්වූ ජංගම වැඩසටහනේදී හදුනාගත් රණක්ෂිතයට පත් රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සය දෙනෙකු (6) සදහා රුපියල් 20,000/ බැගින් රු 120,000/ ක මුදලක් පරිත්‍යාග කරන ලදී.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන්, සභාපතිතුමන්ගේ ලේකම් බ්‍රිගේඩියර් නලින් මැදිවක ඇතුළු රණවිරු සේවා අධිකාරියේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.