සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජනරාල් වැඩ භාර ගැනීමෙන් පසු ආරක්‍ෂක ලේකම් හමුවෙයි

අගෝස්තු 22, 2023

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අභිනවයෙන් පත් වූ අධ්‍යක්‍ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් සේනක බියන්විල අද (අගෝස්තු 22) ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

අගෝස්තු 14 වන දින සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වශයෙන් පත්වීම් ලිපිය ලබා ගත් එයාර් වයිස් මාර්ෂල් බියන්විල පසුගියදා සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව අද ආරක්‍ෂක ලේකම්වරයා හමුවිය. එයාර් වයිස් මාර්ෂල් බියන්විල මේජර් ජෙනරල් රන්ජන් ළමාහේවගේ අනුප්‍රාප්තිකයා වේ.