සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජනරාල් වෙත
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා සුභ පැතුම් පිරිනමයි

අගෝස්තු 23, 2023

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අභිනවයෙන් පත් වූ අධ්‍යක්‍ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් රොෂාන් සේනක බියන්විල ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාව අද (අගෝස්තු 23) කොළඹ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී හමු විය.

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස අගෝස්තු 14 වන දින පත්වීම් ලිපිය ලබා ගත් එයාර් වයිස් මාර්ෂල් බියන්විල පසුගියදා සිය ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව අද රාජ්‍ය අමාත්‍යවරයා හමුවිය. එයාර් වයිස් මාර්ෂල් බියන්විල මේජර් ජෙනරල් රන්ජන් ළමාහේවගේගේ අනුප්‍රාප්තිකයා වේ.

මෙම හමුවේදී රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා විසින් එයාර් වයිස් මාර්ෂල් බියන්විලගේ ඉදිරි කටයුතු සඳහා සිය සුබ පැතුම් එක් කළේය.