කොළඹ යුද්ධ හමුදා රෝහලේ මෞත්‍ර රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් (වෛද්‍ය) කූගදාස් සුතාර්ෂන්ට
‘American’s Inspiring Urologist of the Year’ සම්මානය

අගෝස්තු 25, 2023

වකුගඩු ආශ්‍රීත හටගත් ලොව විශාලතම සහ දිගම ගල (Calculus) ඉවත් ඉවත් කරමින් ගිනස් වාර්ථා පොතට ඇතුළත් වූ කොළඹ යුද්ධ හමුදා රෝහලේ කොළඹ යුද්ධ හමුදා රෝහලේ මෞත්‍ර රෝග විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් (වෛද්‍ය) කූගදාස් සුතාර්ෂන් ‘American’s Inspiring Urologist of the Year’ සම්මානය සඳහා නිර්දේශ කර ඇති බව ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් පර්යේෂණ කවුන්සිලය විසින් ඉකුත් බදාදා දින (අගෝස්තු 23) නිවේදනය කරන ලදී.

සුවිශේෂී කුසලතා, විශිෂ්ටත්වය, පළපුරුද්ද සහ නිර්මාණශීලීත්වය අදාළ ක්ෂේත්‍රවල ප්‍රගමණයට යොදාගනිමින් ඒ ඒ ක්ෂේත්‍රවල සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන විශිෂ්ඨයින් සඳහා ගෞරවයක් එක්කිරීම සඳහා මෙම සම්මානය ලබාදෙයි.

මේවන විට කොළඹ යුද්ධ හමුදා රෝහලේ මෞත්‍ර රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරයෙකු ලෙස සේවය කරන ලුතිනන් කර්නල් (වෛද්‍ය) කේ. සුතාර්ෂන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කළ ප්‍රධාන ශල්‍යකර්මයකදී වකුගඩු ආශ්‍රීත හටගත් ලොව විශාලතම සහ දිගම ගල (Calculus) ඉවත් කිරීමට 2023 (ජුනි මස 1) දින සමත් වූ අතර එය ගිනස් ලෝක වාර්තා අතරටද එක්විය.

වසරේ විශිෂ්ඨතම මෞත්‍ර ආශ්‍රිත වෛද්‍යවරයාට හිමි සම්මානය ප්‍රධානය කරනු ලබන ‘The American Awards’ සඳහන් කර සිටියේ ‘එවන් විශිෂ්ට පුද්ගලයන්ට ඔවුන්ගේ ජාත්‍යන්තර මට්ටමේ ගෞරවයක් ලබාදීමත් ඔවුන්ගේ සාර්ථකත්වය පිළිබඳව ලෝකවාසීන් දැනුම්වත් කිරීම ඔවුන්ගේ ප්‍රයත්නය බවයි.

අනුග්‍රහය - www.army.lk