ආරක්‍ෂක ලේකම්වරයා විසින් ‘ARFRO Masterminds’ ජයග්‍රාහකයන්ට
සම්මාන ප්‍රදානය කරයි

අගෝස්තු 27, 2023
  • “සැබෑ ජයග්‍රහණය පවතින්නේ දැනුම හඹා යාම තුළයි” – ආරක්‍ෂක ලේකම්

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සෙනසුරාදා (අගෝස්තු 26) බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේදී විශ්‍රාමික ධජ ශ්‍රේණියේ නිලධාරීන්ගේ සංගමය’ (ARFRO) විසින් සංවිධානය කරන ලද ‘Masterminds Competition - 2023’ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.

එම ස්ථානයට පැමිණි ආරක්‍ෂක ලේකම්වරයාව විශ්‍රාමික ධජ ශ්‍රේණියේ නිලධාරීන්ගේ සංගමය හි වත්මන් සභාපති එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල (විශ්‍රාමික) විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

අදියර කිහිපයකින් පවත්වන ලද Retired Flag Rank Officer’ Masterminds Competition - 2023 (ARFROMC - 2023) ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගෙන් (සාමාජිකයින් 3) සමන්විත කණ්ඩායම් 86 ක් තරඟ කළහ.

ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ජෙනරල් ගුණරත්න මෙවර තරඟය යුද හමුදාවේ මධ්‍යම කළමණාකාරිත්වය කෙරෙහි අවධානය යොමු කරන බව උත්සව සභාව අමතමින් සැබෑ ජයග්‍රහණය පවතින්නේ දැනුම හඹා යෑම සහ අප ඒ හා ගොඩනඟා ගන්නා බැඳීම් තුළබව ද අවධාරණය කළේය.

මෙම ප්‍රශ්න හුදෙක් දැනුම පරීක්‍ෂා කිරීමක් ලෙස නොව, ඉගෙනීමටත්, සහයෝගයෙන් කටයුතු කිරීමට සහ එකට නැඟීසිටීමට අවස්ථාවක් ලෙස දකින්න යනුවෙන් ප්‍රකාශ කරමින්, ඔහු තරඟකරුවන් දිරිමත් කළේය.

හමුදා දැනුම, සමාජ ගැටලු සහ වත්මන් ගෝලීය ප්‍රවණතා පිළිබඳ සාමාන්‍ය දැනුම මෙන්ම කියවීමේ පුරුද්ද වැඩිදියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති මෙම තරඟාවලියේදි, යුද හමුදා කණ්ඩායම් 60ක්, නාවික හමුදා කණ්ඩායම් 20ක්, ගුවන් හමුදාව නියෝජනය කරමින් කණ්ඩායම් 05 ක් හා කොතලාවල විශ්වවිද්‍යාලයෙන් කණ්ඩායමක්ද ඉදිරිපත් විය.

අනතුරුව ජෙනරල් ගුණරත්න විසින් ජයග්‍රාහකයින් වෙත පදක්කම්, කුසලාන සහ මුදල් ත්‍යාග ප්‍රදානය කරන ලදි. ඒ අනුව, ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මූලස්ථාන කණ්ඩායම, වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගනිමින්, රුපියල් 100,000.00 ක් වටිනා ශූරතා ත්‍යාග මුදල දිනාගන්නා ලදි. ගිණිකොණ නාවික විධානය නියෝජනය කරමින් නාවික හමුදා කණ්ඩායම අනුශූරතාවය දිනාගත් අතර, යුද හමුදාවේ සංඥා බලකාය තෙවන ස්ථානය දිනාගන්නා ලදි. ඒ‍ සඳහා පිළිවෙළින් රු. 60,000.00 සහ රු. 40,000.00 බැගින් ත්‍යාග හිමිකර දෙන ලදි.

1996 දී ආරම්භ වූ ශ්‍රී ලංකාවේ විශ්‍රාමික ධජ ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ගේ සංවිධානයක් වේ. ඔවුන් සාමූහිකව ධජ ශ්‍රේණියේ නිලධාරීන්ලෙස හැඳින්වේ. යුද කටයුතු පිළිබඳ අත්දැකීම් සම්භාරයක් සහ විශේෂඥ දැනුමක් සහිත ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලතල දැරූ ධජ නිලධාරීන්, අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා ඔවුන්ගේ අත්දැකීම් තුලින් නව හමුදා පරපුරට විශාල වටිනාකමක් ලබාදෙනු නොඅනුමානය.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, විශ්‍රාමික ධජ ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයින්, මෙහෙයුම් කමිටු සාමාජිකයින්ගේ ප්‍රධානි මේජර් ජෙනරාල් උපුල් පෙරේරා (විශ්‍රාමික), ARFROMC - 2023 මෙහෙයුම් කමිටු සාමාජිකයින් සහ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සම්භාවනීය ආරාධිතයින් අතරට එක්ව සිටියහ.