ආරක්‍ෂක ලේකම්වරයා ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යායතන
නියෝජිත පිරිසට සිය සුබ පැතුම් පිරිනමයි

අගෝස්තු 28, 2023

රියර් අද්මිරාල් සංජය සච්දේවා ප්‍රමුඛ ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ නියෝජිත පිරිසක් අද (අගෝස්තු 28) උදෑසන ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

ජ්‍යෙෂ්ඨ විදේශ හමුදා නිලධාරීන්ගෙන් 16 දෙනෙකුගෙන් සැදුම්ලත් මෙම දූත පිරිස ආරක්‍ෂක ලේකම්වරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව මෙහිදී සුහද සාකච්ඡාවක නිරත විය.

මෙම සාකච්ඡාවේදී ජෙනරල් ගුණරත්න ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ රැඳී සිටි කාලය තුළ තම මතකයන් ද සිහිපත් කළේය.

මෙම පිරිස නියෝජනය කරමින් බ්‍රිගේඩියර් රාජත් කුමාර් සහ කර්නල් උෂාකොව් ආර් ලියොනිඩොවිච් ද මෙම හමුවට එක් විය.

ඉන්දියානු ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ පාඨමාලාව හදාරන නිලධාරීන් දින 3ක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලදි.

මෙම හමුවෙන් අනතුරුව ජෙනරල් ගුණරත්න 63 වැනි ඉන්දියානු ජාතික ආරක්‍ෂක විද්‍යායතන පාඨමාලා සාමාජිකයින්ට සහ පාඨමාලාව හදාරන අනෙකුත් විදේශීය නිලධාරීන්හටද ඔවුන්ගේ අනාගත කටයුතු සඳහා සිය සුභ පැතුම් පිරිනැමීය.

ආරක්‍ෂක අමාත්‍යංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි බ්‍රිගේඩියර් ධම්මික වෙලගෙදර සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් පුනීත් සුෂිල් ගේ සම්බන්ධීකරණයෙන් මෙම හමුව සංවිධානය කර තිබුණි.