යුද හමුදා 5 වන සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩයේ දෙවන කණ්ඩායම
සාම සාධක හමුදා රාජකාරි සඳහා මාලි රාජ්‍යය බලා පිටත් වේ

අගෝස්තු 31, 2023

එක්සත් ජාතීන්ගේ (එජාස) මාලි හි බහුවිධ ඒකාබද්ධ ස්ථායීකරණ මෙහෙයුමේ (MINUSMA) සේවය කිරීම සඳහා 5 වන සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩයේ දෙවන කණ්ඩායම පසුගිය අඟහරුවාදා (අගෝස්තු 29) සවස මාලි රාජ්‍යය බලා පිටත්ව ගියේය.

 5 වන සටන් රථ පෙළ බල ඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා සංඥා බලකාය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය, ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය, ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකාය, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු, ශ්‍රී ලංකා හමුදා බලකාය පොලිසිය, ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකාය සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක යන බලකායන්ට අයත් නිලධාරීන් 03 දෙනෙකු සහ සෙසු නිලයින් 70 දෙනෙකුගෙන් සමන්විත බව යුද හමුදාව පවසයි.‍

මෙම අවස්ථාවට යුධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ  රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජි. ආර්. ආර්. පි. ජයවර්ධන ඇතුළු යුධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් මෙන්ම බළකායේ පවුලේ සාමාජිකයින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.