කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයාට ආරක්‍ෂක ලේකම්ගෙන් සුභ පැතුම්

සැප්තැම්බර් 04, 2023

ජෙනරල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලට අභිනවයෙන් පත් වූ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර අද (සැප් 04) බත්තරමුල්ලේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

ජෙනරල් ගුණරත්න විසින් නව උපකුලපතිවරයා වෙත සිය නව තනතුරේ කටයුතු සාර්ථක වේවායි සුභපැතුම් එක් කල අතර, නව උපකුලපතිවරයාගේ පරිපාලනය යටතේ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය ඉහළ මට්ටමකට ළඟා වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද ප්‍රකාශ කළේය.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස රියර් අද්මිරාල් ධම්මික කුමාර පසුගිය සිකුරාදා (සැප් 01) වැඩ භාර ගන්නා ලදි.