2023 වසරේදී රණවිරුවන් වෙත ලක්‍ෂ 600ක සහනදායි නිවාස ණය

සැප්තැම්බර් 05, 2023

රණවිරු සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක විශේෂ සහන නිවාස ණය යෝජනා ක්‍රමය යටතේ දිවයින පුරා දිස්ත්‍රික්ක 20 ක විසිරී සිටින රණවිරු පවුල් 85 ක් සඳහා රුපියල් ලක්‍ෂ 600 ක් වටිනා නිවාස ණය 2023 වසර තුළදී ප්‍රදානය කිරීමට නියමිතව ඇත.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) සෘජු අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය යටතේ නිවසක් ඉදිකර ගැනීමට නොහැකි සහ තම නිවස සම්පූර්ණ කරගෙන නොමැති රණවිරුවන් වෙත මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වේ.

ඒ අනුව 2023 වර්ෂයේ මේ වන විට රු. 44,700,000.00 ක් වටිනා සහන නිවාස ණය රණවිරු පවුල් 72 කට ලබාදීමට රණවිරු සේවා අධිකාරිය මේ වන විට කටයුතු කර තිබේ.

ව්‍යාපෘතිය භාර නිලධාරිනී සහ නිවාස අංශය භාර වැඩසටහන් නිලධාරීනී වශයෙන් කටයුතු කරන චම්පිකා ගුණසේකර මහත්මියගේ මෙහෙයවීමෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි.

දිවයින පුරා විසිරී සිටින දිස්ත්‍රික් නිලධාරීන් සහ පළාත් නියෝජ්‍ය අධ්‍යක්‍ෂකවරුන්ගේ නිර්දේශයෙන් පසුව රණවිරු සේවා අධිකාරියේ නිවාස ණය ව්‍යාපෘති අංශය විසින් මෙම ණය මුදල රණවිරුවන් සඳහා ලබාදීමට කටයුතු කරයි.