යුද හමුදා සේවා වනිතා ඒකකය සිය ෆේස්බුක් ගිණුම අරඹයි

දෙසැම්බර් 16, 2020

යුද හමුදා සේවා වනිතා ඒකකයේ නිල ෆේස්බුක් පිටුව ඊයේ (දෙසැම්බර් 15) සවස ශ්‍රී ජයවර්ධනපුර යුද හමුදා මූලස්ථානයේ යුධ හමුදා සේවා වනිතා ඒකක කාර්යාල පරිශ්‍රයේදී දියත් කරන ලදී.

යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි  සුජීවා නෙල්සන් මහත්මිය විසින් ෆේස්බුක් පිටුව නිල වශයෙන් ආරම්භ කළ අතර එම අවස්ථාවට යුද හමුදා සේවා වනීතා ඒකකයේ කාර්ය මණ්ඩලය සහභාගී විය.

යුධ හමුදා සේවා වනිතා ඒකකය විසින් සිදුකරනු ලබන විවිධ සුභසාධන ව්‍යාපෘති පිළිබඳව https://www.facebook.com/SriLankaArmySVU/ හරහා සමාජය දැනුවත් කිරීම අපේක්ෂා කරන බව යුද හමුදාව පවසයි.