කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයාට
ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගෙන් සුභ පැතුම්

සැප්තැම්බර් 11, 2023

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට අභිනවයෙන් පත්වූ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාව අද (සැප්තැම්බර් 11) කොළඹ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී හමුවිය.

ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණි උපකුලපතිවරයා රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගෙන, ඔහු සමඟ සුහද කතාබහක නිරත විය. මෙම හමුවේදී අමාත්‍යතුමා රියර් අද්මිරාල් කුමාරගේ ඉදිරි කටයුතු සඳහා සිය සුබ පැතුම් එක් කළ අතර, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය තවදුරටත් තත්වයෙන් උසස් වනු ඇතැයි අපේක්‍ෂා කරන බවද ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා උපකුලපතිතුමන් විසින් රාජ්‍ය අමාත්‍යතුමා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.

රියර් අද්මිරාල් ධම්මික කුමාර සැප්තැම්බර් 01 වන දින කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස වැඩ භාර ගන්නා ලදි.