රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා
වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කෙරේ

සැප්තැම්බර් 13, 2023

අද (13) සිට ක්‍රියාත්මක වන පරිදි වැඩබලන අමාත්‍යවරුන් ලෙස රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනෙකු පත් කර ඇති අතර වැඩබලන ආරක්ෂක අමාත්‍ය ධුරයද ඊට ඇතුලත් වේ.

ඒ අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා පත් කර ඇත.

“වත්මන් සංවර්ධන අභියෝග හමුවේ විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදනයේ කාර්යභාරය” යන තේමාව යටතේ සැප්තැම්බර් 14 සිට 16 දක්වා කියුබාවේ හවානා නුවරදී පැවැත්වීමට නියමිත G77 රට වල සහ චීනයේ නායකයින්ගේ සමුළුව ඇමතීමට ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද (13) පෙරවරුවේ කියුබාව බලා පිටත්ව ගියේය.