යුද්ධ හමුදාව මගින් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කාත්තන්කුඩි විද්‍යාලයේ දී

සැප්තැම්බර් 15, 2023

ශ්‍රී ලංකා යුද්ධ හමුදා නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය මගින් මත්ද්‍රව්‍යවල අන්තරායන් සහ එහි භාවිතයේ අතුරු ප්‍රථිපල පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින්, මත්ද්‍රව්‍ය නිවාරණ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා කාත්තන්කුඩි මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත් වු අතර ඒ සඳහා පාසල් සිසුන් සහ සිවිල් වැසියන් යන දෙඅංශයෙන්ම සහභාගී විය.

කාත්තන්කුඩි මුස්ලිම් පල්ලි සහ ඉස්ලාමීය ආයතන සම්මේලනය, මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සහ නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති, ආගමික පූජකයින් සමඟ සාකච්ඡා කර මෙම දැනුවත් කිරීමේ වැඩසටහන දියත් කළ බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

ප්‍රදේශයේ තරුණ ප්‍රජාව සහ පාසල් සිසුන් ඇතුළු 600 කට අධික පිරිසක් මෙම දේශනය සඳහා සහභාගී වූහ.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආගමික සහ ප්‍රජා නායකයින් මෙන්ම සිවිල් සංවිධාන ප්‍රධානීන් රැසක් මෙම වැඩසටහනට සහභාගී විය.