ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාට පොපි මලක් පළඳවයි

සැප්තැම්බර් 25, 2023

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා හට සංකේතාත්මකව පොපි මලක් පැළඳවීම ශ්‍රී ලංකා සේවාමුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරල් උපුල් පෙරේරා (විශ්‍රාමික) විසින් අද (සැප් 25) සිදුකරන ලදි.

මේජර් ජෙනරල් පෙරේරා ප්‍රමුඛ සේවාමුක්ත භට සංගමයේ නියෝජිත පිරිසක් අද පෙරවරුවේ රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමාගේ කාර්යාලයට පැමිණ ඔහු වෙත පොපි මල පැලඳවීම සිදුකරන ලදි.

මෙම හමුවේදී රාජ්‍ය අමාත්‍යවරයා සේවාමුක්ත භට සංගමයේ නියෝජිත පිරිස සමඟ සුහද කතාබහක ද නිරත විය.

මියගිය රණවිරුවන් සැමරීම සඳහා සේවාමුක්ත භට සංගමය වාර්ෂිකව මෙම පොපි මල් දිනය සංවිධානය කරයි.

පළමු ලෝක සංග්‍රාමයේ දී රාජකාරීන්හි යෙදී සිටියදී මියගිය පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල සන්නද්ධ හමුදා සාමාජිකයන් අනුස්මරණය කිරීම සදහා පොපි දිනය සමරනු ලබයි.