වැසි සහිත කාලගුණය තවදුරටත්

සැප්තැම්බර් 27, 2023

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇති විය හැකි අතර, ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට දැනට පවතින වැසි තත්ත්වය යම් ප්‍රමාණයකට වර්ධනය විය හැකි බවටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (සැප් 27) උදෑසන නිකුත් කළ නවතම කාලගුණ වාර්තාවේ සදහන් වේ.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එම නිවේදනයේ සදහන් වේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි අපේක්ෂා කළ හැක.

මේ අතර, ඌව සහ නැගෙනහිර පළාත්වල ද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.