“මිහිදන් නොවූ මිනිසා” කෘතිය කොළඹ දී එළිදැක්වේ

සැප්තැම්බර් 29, 2023
  • බ්‍රිගේඩියර් රන්ජන් විජේදාස විසින් රචිත “මිහිදන් නොවූ මිනිසා” කෘතිය එළිදැක්වීම ආරක්‍ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා යුධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරී බ්‍රිගේඩියර් රන්ජන් විජේදාස විසින් රචනා කල “මිහිදන් නොවූ මිනිසා” නමැති ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා යුධ හමුදා සන්නාහ සන්නද්ධ බළකා කඳවුරු (රොක් හවුස්) උත්සව ශාලාවේදී ඊයේ (සැප් 28) පැවැත්විණි.

මෙම ග්‍රන්ථයේ පළමු පිටපත බ්‍රිගේඩියර් විජේදාස විසින් මෙහිදී ආරක්‍ෂක ලේකම්වරයා වෙත පිළිගැන්වීය.

අනතුරුව පැමිණි සිටි ආරාධිත අමුත්තන් වෙත කෘති පිළිගැන්වීම සිදුවිය.

හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ විජේවර්ධණ මහතා මෙහි ප්‍රධාන දේශනය සිදුකළේය.

බ්‍රිගේඩියර් රන්ජන් විජේදාස, තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලබා ඇති අතර, 2005 වර්ෂයේ ශ්‍රී ලංකා අණ හා මාණ්ඩලික විද්‍යාලයීය උපාධිය ලබා ඇත.

බ්‍රිගේඩියර් විජේදාස තම සේවා කාලය තුළ අණදෙන නිලධාරි තනතුරු, මෙහෙයුම් අධ්‍යක්‍ෂක මණ්ඩල තනතුරු, උපදේශක නිලධාරී තනතුරු මෙන්ම යුධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂක යන තනතුරුවල රාජකාරි සිදුකර ඇත.

මෙම අවස්ථාවට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර සී. විජේගුණරත්න, විද්වතුන්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, කලාකරුවන් ඇතුළු ආරාධිත පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.