සේවයෙන් නික්ම යන ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ
අධ්‍යක්‍ෂ ජෙනරාල් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ඔක්තෝම්බර් 03, 2023

ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ වැඩබලන අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ අධ්‍යක්‍ෂ (සන්නිවේදන හා ප්‍රකාශන) රියර් අද්මිරාල් (විශ්‍රාමික) දිමුතු ගුණවර්ධන අද (ඔක් 03) ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

ජෙනරල් ගුණරත්න විසින් රියර් අද්මිරාල් ගුණවර්ධන ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර, ඔහු සමඟ සුහද කතාබහක නිරත විය. ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය නව තලයකට ඔසවා තැබීම සඳහා රියර් අද්මිරාල් ගුණවර්ධන විසින් දැක්වූ දායකත්වය වෙනුවෙන් ආරක්‍ෂක ලේකම්වරයා මෙහිදී සිය කෘතඥතාව පළ කළේය.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් ජෙනරල් ගුණරත්න විසින් රියර් අද්මිරාල් ගුණවර්ධන වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.