ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම
ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩකාවට

ඔක්තෝම්බර් 04, 2023

ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකායේ  සැරයන් නදීෂා ලේකම්ගේ නව ශ්‍රී ලංකා වාර්තාවක් සමඟින් චීනයේ පැවති ‘ආසියානු ක්‍රීඩා උළෙලේ’ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගත්තාය.

චීනයේ Hangzhou හි දැන් පැවැත්වෙන ‘19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලට’ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ සාමාජිකයින් 45 නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12,000 කට වැඩි පිරිසක් සහභාගී වන බව යුද හමුදා ආරංචි මාර්ග තව දුරටත්  සඳහන් කරයි.