යුද හමුදා භට පිරිස් තඹලගමුව ප්‍රාදේශීය රෝහලේ ගින්න මැඩපවත්වයි

ඔක්තෝම්බර් 05, 2023

තඹලගමුව ප්‍රාදේශීය රෝහලට අයත් ඖෂධ ගබඩාවේ සහ රසායනාගාර ගොඩනැගිල්ලේ හටගත් හදිසි ගින්නක් ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් මැදිහත් වීමෙන් මැඩ පවත්වන ලදී.

22 වන පාබල සේනාංකය යටතේ ඇති 223 පාබල බලසේනාවේ 15 වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුවේ යුද හමුදා සාමාජිකයින් 65 දෙනෙකුට අධික පිරිසක් විසින් පොලිස් නිලධාරීන්, ගිනි නිවන භටයින් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ ද සහය ඇතිව මෙම ගින්න මැඩපවත්වා ඇත.