අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය සඳහා වෛද්‍ය කඳවුරක්

ඔක්තෝම්බර් 05, 2023

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සුබසාධක සංගමය විසින් අද (ඔක් 05) අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය සඳහා වෛද්‍ය කඳවුරක් සංවිධානය කරන ලදී.  මෙම දෙදින වෛද්‍ය කඳවුර අද පෙරවරුවේ අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරම්භ විය.

කොතලාව විශ්වවිද්‍යාල රෝහලේ වෛද්‍ය නිලධාරීන් හා කාර්යමණ්ඩලය  විසින් මූලික වෛද්‍ය පරීක්‍ෂණ හා රසායනාගාර  පරීක්‍ෂණ සපයන ලදී.

රෝගාබාධ හදුනාගැනීම හා  නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේ අරමුණින් පැවති මෙම වැඩසටහන සඳහා අමාත්‍යාංශ සේවකයින් විශාල පිරිසක් එක්ව සිටියහ.

වෛද්‍ය කඳවුරේ සමාරම්භක සැසිය සඳහා අතිරේක ලේකම්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද  එක්ව සිටියහ.