කොල්ලුපිටියේදි බස් රථයක් මතට ගසක් කඩා වැටී සිදු වූ අනතුර සම්බන්ධයෙන් ආරක්‍ෂක ලේකම් සොයා බලයි

ඔක්තෝම්බර් 06, 2023

අද (06) පෙරවරුවේ කොල්ලුපිටියේදී බස් රථයක් මතට ගසක් කඩා වැටී සිදු වූ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න එම ස්ථනයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

සිදුවූ අනතුර හේතුවෙන් ගත යුතු ක්‍රියාමර්ග කඩිනම් කරන ලෙස පැමිණි සිටි ත්‍රිවිද හමුදා, පොලිස් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ගිනි නිවීමේ සහන කණ්ඩායම් වෙත ආරක්‍ෂක ලේකම්වරයා උපදෙස් ලබා දෙන ලදි.