ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදාව සහන සලසයි

ඔක්තෝම්බර් 06, 2023

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා දකුණු පළාතේ මාතර, අකුරැස්ස, තිහගොඩ සහ කඹුරුපිටිය යන ප්‍රදේශයන් වෙත 2023 ඔක්තෝබර් මස 04 වන දින සිට නාවික හමුදා සහන කණ්ඩායම් අනුයුක්ත කිරීමට නාවික හමුදාව කටයුතු කල අතර, මේ වන විට එම සහන කණ්ඩායම් මහජනතාවට සහන සැලසීමේ මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, නිල්වලා ගඟ හා කිරඹආර පිටාර ගැලීම හේතුවෙන් 2023 ඔක්තෝබර් මස 05 වන දින මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය ප්‍රදේශයේ ඇතිවී ඇති ජල ගැලීම් තත්වය හමුවේ, එම ප්‍රදේශයේ ජනතාවගේ දෛනික අවශ්‍යතාවයන් සිදුකර ගැනීම සඳහා ඩිංගි යාත්‍රා මඟින් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීම නාවික හමුදා සහන කණ්ඩායම් මඟින් සිදු කෙරිණි.

තවද, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරීමට අමතර සහන කණ්ඩායම් ද සූදානමින් තබා ඇත.

අනුග්‍රහය - www.navy.lk