ශ්‍රී ලංකා නාවික හමුදාව රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් ලබා දෙයි

ඔක්තෝම්බර් 07, 2023

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්ථාපිත වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු යන්ත්‍රය සිකුරාදා (ඔක් 06) නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් නිල වශයෙන් විවෘත කරන ලද බව නාවික හමුදා මාධ්‍ය අංශය පවසයි.

නාවික හමුදාව සිය නාවික සමාජ වගකීම් වැඩසටහනේ තවත් එක් ප්‍රජා සත්කාරක සේවාවක් ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ Hemodialysis ඒකකයේ මෙම යන්ත්‍රය ස්ථාපනය කර ඇති අතර ව්‍යාපෘතිය සඳහා මුල්‍ය ආධාර සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දී ඇති බව මාධ්‍ය නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.

 මෙම යන්ත්‍රය මගින් එකවර රෝගීන් 15 දෙනෙකුට උසස් තත්ත්වයේ පිරිසිදු ජලය සැපයීමේ මූලික හැකියාව ඇති අතර එය රෝගීන් 25 දෙනෙකුගේ අවශ්‍යතා සපුරාලීම සඳහා පුළුල් කිරීමේ හැකියාව ද ඇති බව එහි සඳහන් වේ.