INS Airavat නෞකාව කොළඹට ළඟා වෙයි

ඔක්තෝම්බර් 18, 2023

ඉන්දීය නාවික හමුදාවට අයත් INS Airavat නෞකාව නිල සංචාරයක් සඳහා අද (ඔක් 18) කොළඹට ළඟා විය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගනු ලැබූ බව නාවික හමුදා මාධ්‍ය අංශය පවසයි.

Landing Ship Tank - Large (LST - L) වර්ගයට අයත් ‘INS Airavat’ යුද නෞකාව, දිගින් මීටර් එකසිය විසි හතරයි දශම අටක් (124.8 m) හා නැව් මුළුව එකසීය හැත්තෑවක (170) ගෙන් සමත්විත වේ. තවද, ‘INS Airavat’ නෞකාව බ්‍රහස්පතින්දා (ඔක් 19) පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ පුහුණු වැඩසටහන් කිහිපයකට ද සහභාගී වනු ඇති බව මාධ්‍ය වාර්තාවෙහි වැඩිදුරටත් දැක්වේ.